තායිපේ නගරයේ හිටපු නගරාධිපතිවරයාට ලැබුණු දඩුවම මෙන්න
By Kanchana
තායිවානයේ තායිපේ නගරයේ හිටපු නගරාධිපතිවරයාට වසර 17ක සිර දඬුවම් නියම කර ඇත. තායිපේ නගරයේ හිටපු නගරාධිපති කෝ වෙන්ජේ හට වසර 17ක සිර දඬුවම් නියම කර ඇත්තේ ඔහුට එල්ලවූ දූෂණ චෝදනා හේතුවෙන් වේ.
දේශපාලනික ලෙස ඔහුට ලැබුණු පරිත්‍යාග අවභාවිතා කිරීම සිදුකර ඇති බවට අධිකරණය ඉදිරියේ තහවුරු කර ඇත.
නීතීඥයින් සඳහන් කරන්නේ නගරාධිපති ධූරය දරන සමයේදී දේපල වෙලඳාම් සමාගමක් සමග එළඹි එකඟතාවයකදී ඇමෙරිකා ඩොලර් ලක්ෂ 05ක පමණ අල්ලස් මුදලක් ලබා ගත් බවට ඔහු පිළිගත් බවයි.
පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වෙයි - නිවාස හානි වූ ශ්‍රී ලංකිකයින් පිරිසකටත් පහසුකම්
එබැවින් වසර 28ක සිර දඬුවම් නියම කරන ලෙසයි නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබේ .
තවද හිටපු නගරාධිපති කෝ වෙන්ජේ තායිවාන ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට නියමිතය ඔහු ජයග්‍රහණය කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් විවිධ මත පළ කරන ලදි