පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වෙයි - නිවාස හානි වූ ශ්‍රී ලංකිකයින් පිරිසකටත් පහසුකම්
දකුණු ලෙබනනයේ ස්ථාපිත හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ ප්‍රහාර නිසා ඉකුත් පැය 24 තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇත.
ඒ අනුව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා ඇත්තේ එය මෑත සතිවලදී සිදුවූ සංඛ්‍යාත්මකව වඩාත්ම තීව්ර ප්‍රහාර මාලාවක් බවයි.
මේ අතර ඉකුත් දින කිහිපයේ එල්ල වූ මිසයිල ප්‍රහාර නිසා දිමෝනා ප්‍රදේශයේ නිවාසවලට හානි වූ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුට ඊශ්‍රායාලයේ ආරක්ෂක අංශ විසින් කෙටිකාලීනව හෝටල්වල නවාතැන් පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකාව බලා ගමන් කරන පිරිසට ඊශ්‍රායල් හා ඊජිප්තුව යා කරන ටැබා දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපල වෙත යා හැකි බව ද තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
එබැවින් මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙම දේශසීමාව හරහා ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් ඇති අතර එළඹෙන මාර්තු මස 31 වැනි දින තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු මෙම දේශසීමාව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්.