පිලිපීනයේ ටාල් ගිනි කන්ද සක්‍රීය වෙලා

Report

පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60 දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රීය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තු 10ක් තුළම පිපිරුම් දෙකක් සිදු වී ඇති බවයි.

එම පිපිරුම් හේතුවෙන් අළු සහ වාෂ්ප කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට වායුගත වී ඇත. ටාල් ගිනි කන්ද මේ වන විට අනතුරු ඇඟවීමේ පළමු මට්ටම යටතේ පවතින බව වාර්තා වේ.

පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය සඳහන් කළේ, තවදුරටත් අළු නිකුතුව හෝ කෙටි කාලීන පිපිරීම් ඇතිවීමේ හැකියාව තවම පවතින බවයි.

ඉන්දුනීසියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

එම නිසා වාෂ්ප පිපිරීම් සහ විෂ වායු නිරාවරණය විය හැකි බැවින්, එම කලාපයට විශේෂයෙන් ප්‍රධාන ආවාටය අසල ප්‍රදේශවලට පිවිසීමෙන් වළකින්නැයි දැනුම්දී ඇත.

ටාල් ගිනි කන්ද පිලිපීනයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු අතරින් එකක් වන අතර, අවසන් වරට 2020 ජනවාරි මාසයේදී සක්‍රීය වී තිබේ.

පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය මෙම ගිනි කන්ද නිරීක්ෂණය කරමින්, එහි ක්‍රියාකාරිත්වය සෑම විටම අධීක්ෂණය කරන බව වාර්තා වේ.

ලංකාව මත්ද්‍රව්‍ය ගුහාවක් කරේ මාලිමා ආණ්ඩුව දැන් රාජපක්ෂලා පිටේ ගහන්න හදනවා

ලංකාව මත්ද්‍රව්‍ය ගුහාවක් කරේ මාලිමා ආණ්ඩුව දැන් රාජපක්ෂලා පිටේ ගහන්න හදනවා