ලංකාව මත්ද්‍රව්‍ය ගුහාවක් කරේ මාලිමා ආණ්ඩුව දැන් රාජපක්ෂලා පිටේ ගහන්න හදනවා
පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසන්නේ මත්ද්‍රව්‍ය මේ රටේම නිෂ්පාදනය කරන තත්ත්වයට පත් වීමට වගකිව යුත්තේ මාලිමා ආණ්ඩුව බවයි.
එහිදී සාගර කාරියවසම් මහතා මෙසේද කීය.
ඉතාම භයානක ව්‍යසනයක් බවට මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම පත් වී තිබෙනවා.අපි දන්නවා මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට මුලින්ම නීති සම්පාදනය කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ. එහෙත් ඉතිහාසයේ කවදාවත් නොවූවිරූ තරම් මත්ද්‍රව්‍ය උවදුර මේ රටේ පැතිරලා ගිහින්. රටේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන තත්ත්වයට මේ රට පත් කරන්න මේ මාලිමා ආණ්ඩුව සමත් වී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය උවදුරේ වගකීම රාජපක්ෂලා පිට පටවන්න හැදුවත් ජනතාවට මේ ආණ්ඩුවේ නිරුවත හෙළි වුණා.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගෙනාපු බෝට්ටුවේ හිමිකරු කවුද කියන කාරණයත් උඩ. දැන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින්නේ කවුද කියන කාරණය ඉතාම පැහැදිලිව මේ රටේ ජනතාවට අවබෝධ වී තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පහුගිය යහපාලන කාලයේ ඉන්දියානු රජයේ ආධාරයෙන් හදපු නිවාස හිමිකරුවන්ට ලබාදීමේ උත්සවයකට ගිහින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් ගත යුතු පළමු පියවර ගනු ලැබුවා කියලා.
හැබැයි අපිට පේන්න තිබෙන පළමු පියවර තමයි බිමල් රත්නායක ඇමැතිවරයා වරාය භාර ඇමැති ධුරයෙන් ඉවත් කිරීම. මේ බිමල් රත්නායක මහතාගේ වරාය භාර කැබිනට් අමාත්‍ය ධුරය ගැලවීමත් රේගුවෙන් කන්ටේනර් නිදහස් කිරීමත් මේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයත් අතර සහසම්බන්ධයක් තිබෙනවාද? නැද්ද? කියන කාරණය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර බලන්න ඕන කාරණයක්. මේ කන්ටේනර් 323 තුළ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබුණා කියලා මුලින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අර්චුනා මන්ත්‍රිවරයා.
ඒ වගේම මේ කන්ටේනර් සම්බන්ධයෙන් මුලින්ම රහස් පොලිසියට පැමිණිලි කළේ ඩෑන් ප්‍රියසාද්. ඉන් දින කිහිපයකට පසුව ඔහුව ඝාතනය කරනවා. අපේ නීතිඥ සංගමය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනවා. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අද වනතුරු ගත් කිසිදු පියවරක් නැහැ. ඉතාම අවාසනාවන්ත ආකාරයට මේ රටේ සිදුවූ විශාලම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන පොලිසිය ඇමැතිවරුන්ට අපහාස කිරීම සම්බන්ධ පැමිණිලි විභාග කරනවා. පොලිස්පතිවරයාට මතක් කරන්න කැමැතියි.
මේ රටේ සාපරාධී අපහාස නීතිය ඉවත් කරලා බොහෝ කාලයක් වෙනවා. අපහාසයක් සම්බන්ධයෙන් සාපරාධී වරදක් වෙන්නේ නැහැ. ඒ අනුව අපහාසයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න පොලිසියකට මැදිහත් වෙන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. ශ්‍රී ලංකා පොලිසියට මේ රටේ අපරාධ කියන්නේ මොනවාද? තමන්ගේ කාර්යභාරය මොකක්ද කියන කාරණය අමතක වී තිබෙනවා. ගරු පොලිස්පතිතුමනි ඔබතුමා තවත් පූජිත් ජයසුන්දර කෙනෙක් වෙන්න උත්සාහ දරන්න එපා. එතුමා අන්තිමේදී නතර වූණේ හිරගෙදර. අපි දකින්න අසා නැහැ තවත් පොලිස්පතිවරයෙක් හිරගෙදරක දුක් විඳිනවා බලන්න.