මෙවර T20 ලෝක කුසලානය ප්‍රශ්න ගොඩක - ICCයට තවත් කනේ පාරක්

Report

2026 පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ බංග්ලාදේශය සහ පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ ඇති කරගෙන ඇති අර්බුදකාරී තත්ත්වයේදී, එම රටවල් දෙකට සිය සහය පළ කිරීමට එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පියවර ගෙන ඇත.

ඒ අනුව අඳාළ අර්බුදය හටගත්තේ ආරක්ෂක හේතූන් මත තම තරග ඉන්දියාවෙන් පිටතට ගෙන යන මෙන් බංග්ලාදේශය කළ ඉල්ලීම ICCය ප්‍රතික්ෂේප කිරීමත් සමඟින්.

එනිසා බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට ICCය ගත් තීරණයට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියා-පාකිස්ථාන තරඟය වර්ජනය කිරීමට පාකිස්ථානය තීරණය කර තිබුණා.

ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක‍යෙක් හදිසියෙම ජීවිතයෙන් සමුගයි - මරණයට හේතුව

ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක‍යෙක් හදිසියෙම ජීවිතයෙන් සමුගයි - මරණයට හේතුව

එබැවින් නසාර් හුසේන් ප්‍රකාශ කළේ, බංග්ලාදේශය සිය ස්ථාවරයේ දැඩිව සිටීම පිළිබඳව තමා සතුටු වන බවයි. එසේම අසල්වැසි රට වෙනුවෙන් පාකිස්ථානය පෙනී සිටීම ද ඔහු අගය කර ඇත.

"ක්‍රිකට් ක්‍රීඩාව තුළ දේශපාලනය සහ මුදල ප්‍රමුඛ වීම කණගාටුදායකයි. පාකිස්ථානය බංග්ලාදේශය වෙනුවෙන් පෙනී සිටීම මම අගය කරනවා. කවදා හෝ දවසක කවුරුන් හෝ නැගී සිට 'දැන් මේ දේශපාලනය ඇති යැයි කිව යුතුයි," යනුවෙන් ද එහිදී ඔහු සඳහන් කළා.
ඊට අමතරව ICCයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරමින් හුසේන් පැවසුවේ, "යම් හෙයකින් ඉන්දියාව තරගාවලියට මාසයකට පෙර තම රජය වෙනත් රටකට යාමට අවසර නොදෙන බව ප්‍රකාශ කළේ නම්, ICCය ඔවුන්ටත් මෙසේම දැඩි වී තරගාවලියෙන් ඉවත් කරනවාද? සැමට සාධාරණ නීතියක් තිබිය යුතුයි."

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

කෙසේ වෙතත් පෙබරවාරි 15 වන දින පැවැත්වීමට නියමිත ලෝක කුසලානයේ වඩාත්ම උද්යෝගිමත් තරගය වන ඉන්දියා-පාකිස්ථාන ගැටුම දැනට අවිනිශ්චිත තත්ත්වයක පවතියි.

එබැවින් පාකිස්ථානය මෙම තරගය වර්ජනය කළහොත් එයින් ICCයට සහ ඉන්දියාවට විශාල මූල්‍යමය පාඩුවක් සිදුවන බවත් නසාර් හුසේන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

“අපි ට්‍රම්ප්ගේ ලෝකයේ ජීවත් වෙනවා” - රනිල්ගේ ප්‍රකාශය එක්කම දේශපාලනය උණුසුම් වෙයි

“අපි ට්‍රම්ප්ගේ ලෝකයේ ජීවත් වෙනවා” - රනිල්ගේ ප්‍රකාශය එක්කම දේශපාලනය උණුසුම් වෙයි