කුප්පි ලාම්පුවෙන් විසල් කඩඉමක් පසු කර රටටම ආඩ්ම්බරයක් වූ පුංචි දියණිය..

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Latest Headlines
By Sewvandhi Jan 25, 2025 10:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැඩි අඟහිඟකම් මැද කුප්පු ලාම්පු එළියෙන් අකුරු කර ශිෂ්‍යත්ව කඩඉම පසුකළ පුංචි දියණියක් පිළිබඳ පුවතක් සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.

සයුරි නිම්සරා ඉගෙනුම ලබන්නේ, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ කළුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ය. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 139ක් ලබාගෙන ඇය සමත්වෙන්නේ ඇය අයත්වන මොනරාගල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ වන 137 පසුකරමිනි.

ශිෂ්‍යත්ව විභාගය සමත් අනෙකුත් පුංචි හපනුන් අතර ඇය විශේෂ වන්නේ, අගහිඟකම් රැසක් මැද ඇය ලැබූ ජයග්‍රහණය හේතුවෙනි. විදුලිය පවා නොමැති නිවසක ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් සිටින ඇයට, මීට මාස 9කට පමණ පෙර තවත් අඳුරු ඉරණමකට මුහුණපෑමට සිදුවුණි.

ඒ ගොවිතැනෙන් දරු පවුල නඩත්තු කළ සිය පියා, වනඅලි ප්‍රහාරකට ලක්වී මියයෑම ය. එතැන් පටන් තවත් දුක් පීඩා විඳි ඇය සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන ගියේ දහසකුත් බාධා මැදය. සයුරි නිම්සරා,

"මම උදේ 6:10ට විතර ගෙදරින් යනවා. ඉස්කෝලේ යන්නේ අලි එන කැළෙන් තමයි. මීට මාසෙකට කලින් අපේ ගේත් අලි කැඩුවා. ගුරුවරුන් දෙන වැඩ හොඳට කරලා... පාඩම් කරලා විභාගය ජය ගත්තා."

ඇය දිනපතා පාසල් යන්නේ ද කිලෝමීටර 5ක් පමණ දුරක් ඇවිද යමිනි. එවන් දුෂ්කරතා මැද ශිෂ්‍යත්ව විභාගයෙන් සයුරි ලැබූ ජය, ඇයගේ පාසලට අභිමානයකි.(උපුටාගැනීමක්)

..………………………………………………

You may like this video 👇


ReeCha