සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට..ඒවා ලැබෙන ප්‍රදේශ මෙන්න.
China
Covid vaccines
Synofarm vaccines
Katunayake airport
By Aruna
චීනයේ නිෂ්පාදිත තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් රැගත් ගුවන් යානා දෙකක් අද (ජූලි 11) අලුයම කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 865 සහ යූ.එල්. 869 දරන ගුවන් යානා මගින් මෙම එන්නත් තොගය දිවයිනට ගෙනවිත් ඇත.
ඒ අනුව, අද (ජූලි 11) දින මෙරටට ලැබුණු සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකෙන්
කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ 2ක්, ගම්පහට ලක්ෂ 5ක් සහ කළුතර දිස්ත්‍රික්කයට ලක්ෂ 3ක්
ලබා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත් දා ප්‍රකාශ කළේ ය.
එමෙන් ම
ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා සිනොෆාම් එන්නත් ලක්ෂය බැගින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට සිනොෆාම් එන්නත් ලක්ෂ 2ක්
කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |