වෝඩ් පෙදෙසේ අභිරහස් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ..
By Piyumika
කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ දී පසුගිය 23 වනදා ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය වාර්තා කරයි.
ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් 35 හා 48 වයස්වල පසු වන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කර තිබෙනුයේ .
එහිදී එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගෙන ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.