වෑන් රථ අනතුරින් මිත්තණිය මරුට..පස් හැවිරිදි මුණුබුරාට බරපතලයි ..
කටුගස්තොට පේරාදෙණිය මාර්ගයේ ගොහාගොඩ අසලදී කටුගස්තොට දෙස සිට පේරාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසට ඇදී ගොස් කාන්තාවකගේ හා ඇගේ 05 හැවිරිදි මුණුබුරාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගේට්ටුවකද ගැටී ඇතැයි වාර්තාවේ .
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව මහනුවර ජාතික රෝහලටද දරුවා පේරාදෙණිය ළමා රෝහලටද ඇතුළත් කර ඇති අතර, එහිදී කාන්තාව මියගොස් තිබේ .
මිය ගිය කාන්තාව 76 හැවිරිදි ගොහාගොඩ, කටුගස්තොට ප්රදේශයේ පදිංචිකාරියකි .
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරුද තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබන අතර, අනතුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වනුයේ .