මාතර දෙවුන්දර වෙඩි ප්‍රහාරයට සැක මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී
මාතර දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට වෙඩි තැබීමෙන් අනතුරුව පලාගිය බවට සැක කෙරෙන මෝටර් රථයක් දික්වැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේ, එහි රියදුරු රථය නොනවත්වා ධාවනය කර පලායාමට උත්සාහ කර තිබේ.
පාතාල උණුසුම මැද රටම බලා සිටි දෙවුන්දර දේවාල පෙරහරට විශේෂ ආරක්ෂාවක් - පොලිස් නිලධාරීන් 500ක් එක්ක යුද හමුදාවත් එයි
පසුව එම මෝටර් රථය මාර්ගය අසල කාණුවකට පෙරළී නතර වී ඇති අතර, එම අවස්ථාවේ රියදුරු පයින් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරුව සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ, මෙම මෝටර් රථය දෙවුන්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සඳහා භාවිත කළ රථය බවටය. ඊයේ අලුයම මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර දෙවිනුවර ගන්දර ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබුණි.
ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාරේ පිහිටි ධීවර කර්මාන්තයේ නිරත පුද්ගලයෙකුගේ නිවස මෙම ප්‍රහාරයේ ඉලක්කය වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පලායන ආකාරය අසල CCTV කැමරාවක සටහන් වී ඇති අතර, ඒ ඔස්සේද විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.