කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - මහේස්ත්‍රාත් අධිකරණයේදී කියයි

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව තමාට සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

අදාළ විමර්ශනයට අදාළ නඩු කටයුත්ත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද දින යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නිරීක්ෂණය සිදුකරන ලදී.

වහාම දැනුවත් වෙන්න රජයෙන් දැනුම්දීමක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක පුරාවටම ක්‍රියාත්මකයි

වහාම දැනුවත් වෙන්න රජයෙන් දැනුම්දීමක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක පුරාවටම ක්‍රියාත්මකයි

එසේම, මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව සහ ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත විශේෂ සිහි කැඳවීම් නිකුත් කිරීමට ද කොටුව මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

මෙම නඩුව ලබන අගෝස්තු මස 19 වැනිදා නැවත කැඳවීමට නියමිතව තිබේ.

අද මේ ලග්න හිමියන්ට ඉතා සුබයි - වැඩක් කරොත් ආයේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකයි

අද මේ ලග්න හිමියන්ට ඉතා සුබයි - වැඩක් කරොත් ආයේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකයි