නැවතත් තෙල් හිඟයක් තෙල් නැව් ආපසු හරවා යවයි - නැව් ආවොත් ප්‍රහාර එල්ල කරන බවට දැඩි අනතුරු ඇගවීමක්

Report

යේමනයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම විසින් සවුදි අරාබියට එරෙහිව නාවික තහනමක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, රතු මුහුද හරහා ගමන් කරමින් තිබූ සවුදි බොරතෙල් රැගත් නැව් කිහිපයක්ම සිය ගමන් මාර්ග වෙනස් කර ආපසු හැරීමට පියවර ගෙන තිබේ.

සවුදි අරාබියේ වරායයන් වෙත පැමිණෙන හෝ එහි සිට තෙල් පටවාගෙන යන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට අදාළ සන්නද්ධ කණ්ඩායම නිල වශයෙන් තර්ජනය කර ඇත.

ඒ අනුව රතු මුහුදේ ගමන් කරමින් තිබූ 'Encelia' සහ 'Layla' යන සවුදි තෙල් නැව් දෙකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ද එම කණ්ඩායම ප්‍රකාශ කර සිටියි.

මෙම හදිසි තර්ජනාත්මක තත්ත්වය හමුවේ චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් වෙත සවුදි බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රධාන තෙල් නැව් කිහිපයක්ම, යේමනය අසල පිහිටි බැබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම අතහැර සුඑස් ඇළ දෙසට ආපසු හැරී ගමන් කිරීමට පටන් ගෙන තිබේ.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින ගැටුම්කාරී තත්ත්වයන් නිසා තෙල් අපනයනයට බාධා පැමිණීම හමුවේ, සවුදි අරාබිය සිය බොරතෙල් අපනයනය සඳහා විකල්ප මාර්ගයක් ලෙස රතු මුහුදේ පිහිටි යාන්බු වරාය සහ රතු මුහුදු නාවික මාර්ගය බහුලව භාවිත කිරීමට පෙළඹී තිබිණි.

කෙසේ වෙතත්, සන්නද්ධ කණ්ඩායමේ මෙම නව ප්‍රහාර සහ නාවික තහනම නිසා අදාළ විකල්ප මාර්ගය ද දැඩි අර්බුදයකට ලක්වී ඇති අතර, එය ගෝලීය තෙල් වෙළඳපොළට සහ ලෝක බලශක්ති සැපයුමට සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රුක්මනුයි මායි රන්ඩු වුණා පරුෂ වචන කියාගෙන බැන ගත්තා මට ගැහුවා - සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬ පට ගැන මිය ගිය රුක්මන්ගේ බිරිඳ ආන්දෝලාත්මක ඇත්තක් හෙළි කරයි

රුක්මනුයි මායි රන්ඩු වුණා පරුෂ වචන කියාගෙන බැන ගත්තා මට ගැහුවා - සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬ පට ගැන මිය ගිය රුක්මන්ගේ බිරිඳ ආන්දෝලාත්මක ඇත්තක් හෙළි කරයි