ජනප්‍රිය ගායන ශිල්පී චිලීට වැඩ වරදියි - පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහර දීමට තැත් කෙරූ වරදට අධිකරණයෙන් දැඩි දඩුවම්

Report

ඩෙංගු පරීක්ෂාව සඳහා නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම ඇතුළු චෝදනා හතරකට වැරදිකරු කරමින්, ප්‍රසිද්ධ ගායන ශිල්පී තිලංක විදූෂ නොහොත් චිලී නමැත්තාට දඩ මුදල් නියම කර නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්දුජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

2014 වසරේ සිට දීර්ඝ කාලයක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, එල්ල වී තිබූ චෝදනා හතරෙන් එක් චෝදනාවකට රුපියල් 1500 බැගින් වූ දඩ මුදලක් නියම කෙරිණි.

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

ඊට අමතරව සාපරාධී බිය ගැන්වීමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා සඳහා එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කරන ලදී.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා එදින අධිකරණය හමුවේ පෙනී සිට නොසිටීම හේතුවෙන් එම වන්දි මුදල අධිකරණයේ තැන්පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේය.

රුක්මනුයි මායි රන්ඩු වුණා පරුෂ වචන කියාගෙන බැන ගත්තා මට ගැහුවා - සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬ පට ගැන මිය ගිය රුක්මන්ගේ බිරිඳ ආන්දෝලාත්මක ඇත්තක් හෙළි කරයි

රුක්මනුයි මායි රන්ඩු වුණා පරුෂ වචන කියාගෙන බැන ගත්තා මට ගැහුවා - සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬ පට ගැන මිය ගිය රුක්මන්ගේ බිරිඳ ආන්දෝලාත්මක ඇත්තක් හෙළි කරයි