ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ගැන සුබම සුබ ආරංචියක් - රට යන්න මග බලන ඔයාටත් Visa Free?
විදෙස්ගත වීමට සහ සංචාරය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක් ගෙනෙමින්, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ ඇත.
ලෝකයේ ප්‍රධානතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ දර්ශකය වන 'හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ' නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව මේ වන විට 94 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
මෙය 2014 වසරෙන් පසුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස ඉතිහාසයට එකතු වේ.
2021 වසරේදී මෙම දර්ශකයේ 107 වන ස්ථානය දක්වා පහත වැටී තිබූ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, එතැන් සිට ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරමින් මෙලෙස 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.
මෙම සුබවාදී තත්ත්වයත් සමඟ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට තවත් රටවල් ගණනාවකට පූර්ව වීසා නොමැතිව සංචාරය කිරීමට මඟපෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.