අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැති විරෝධතාවයකට සහය පළ කිරීමට පැමිණි ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී අයේෂා ඛාන් මුම්බායි පොලිසිය විසින් රඳවාගෙන නිදහස් කර තිබේ.

ධුරන්ධර් චිත්‍රපටයේ ෂරාජ් ගීතය හරහා ඉහළ ජනප්‍රියත්වයක් ලැබූ ඇය, මුම්බායි හි දාදර් ප්‍රදේශයේදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

ශිෂ්‍ය විරෝධතාවලට සහය පළ කිරීම සඳහා තමන් සහ මිතුරන් පිරිසක් පාර අසල සාමකාමීව රැඳී සිටි බවත්, කිසිදු පුවරුවක් ප්‍රදර්ශනය කිරීමක් සිදු නොකළ බවත් ඇය පවසයි.

2026 දෙවන පාසල් වාරය හෙටින් අවසන් - සියලුම පාසල්වලට තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක්

2026 දෙවන පාසල් වාරය හෙටින් අවසන් - සියලුම පාසල්වලට තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක්

කෙසේ වෙතත් කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පැමිණ තමන්ව සහ මිතුරන්ව කිසිදු හේතුවක් නොදන්වා බලහත්කාරයෙන් පොලිස් රථයකට පටවාගෙන ගිය බවට ඇය චෝදනා කරයි.

පොලිස් රථය තුළ සිට සහ පසුව වෝර්ලි පොලිස් ස්ථානයේ සිට ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝ පට කිහිපයක් නිකුත් කරමින් අයේෂා සඳහන් කළේ, තමන් කිසිදු නීතියක් කඩ නොකළ බවත්, පාරේ සාමකාමීව සිටීම පවා වරදක් වූයේ කෙසේදැයි තමන් ප්‍රශ්න කළද පොලිසියෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු බවයි.

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

පැය 3කට ආසන්න කාලයක් පොලිස් භාරයේ තබාගැනීමෙන් පසුව ඇයව නිදහස් කර ඇති අතර, පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන් ගෞරවාන්විතව කතාබහ කළද, විරෝධතාව පැවැති ස්ථානයේදී පොලිසිය හැසිරුණු ආකාරය පිළිබඳව ඇය දැඩි ලෙස කනගාටුව පළ කර තිබේ.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න