ක්‍රිකට් ක්‍රිඩකයකුගේ නිවස කොල්ල කෑ කොල්ල කරු අත්අඩංගුවට..

Report

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු කොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලබන 16 වනදා පිරිසකට විශේෂ අවස්ථාවක්..

ලබන 16 වනදා පිරිසකට විශේෂ අවස්ථාවක්..

පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර තිබුණි .

එහිදී සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු 5ක්, බ්‍රේස්ලට් 4ක්, මුදු 2ක් සහ මුදල් රුපියල් 10,000ක් සොරාගෙන තිබේ.

සැකකරු නිවසට පැමිණෙන අයුරු පිටව යන අයුරු නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගත වී තිබුණු අතර පසුව කොට්ටාව පොලීසිය විසින් සිදුකළ විමර්ශන අනුව සැකකරු හඳුනාගෙන ඇත.

පුතා සමග හවුල් ව්‍යාපාරයක යෙදුන මවක් අත්තඩංගුවට..

පුතා සමග හවුල් ව්‍යාපාරයක යෙදුන මවක් අත්තඩංගුවට..

ඒ අනුව එම සොරා ගත් භාණ්ඩ සහ සොරකම සඳහා භාවිතා කළ යතුරුපැදියක් ද සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙම සැකකරු මීට පෙර කොට්ටාව, තලංගම සහ මහරගම පොලිස් වසම් වල නිවෙස් හා වෙළෙඳසැල් බිද දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවයි.

මොකක්ද මේ එන අවුරුද්දේ කරන්න යන දේ..

මොකක්ද මේ එන අවුරුද්දේ කරන්න යන දේ..

සැකකරු තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.