ලබන 16 වනදා පිරිසකට විශේෂ අවස්ථාවක්..
ලබන 16 වනදාට යෙදෙන 119 වන බන්ධනාගාර දිනය නිමිත්තෙන් රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ ලබන 16 වනදා පමණක් මෙම අවස්ථාව ලබාදී ඇති බවයි.
එදිනට ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටද අමුත්තන්ට අවස්ථාව හිමිව ඇත .