කයිය විතරයි කියන්නේ මෙන්න මේකට.. වැඩේ වරදිනවා කියල දැනගත්තම නිවසිනුත් පළා ගිහින් ..

Report

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව දන්වා සිටියේය.

කතුර නැති වුණා කියල දුකින් හිටියට අවුරුදු 12 කට පස්සේ කතුර හම්බ වෙලා තියෙන තැන බලන්නකෝ..(PHOTO)

කතුර නැති වුණා කියල දුකින් හිටියට අවුරුදු 12 කට පස්සේ කතුර හම්බ වෙලා තියෙන තැන බලන්නකෝ..(PHOTO)

ප්‍රධාන සැකකරු මේ වන විට සිය නිවසේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන මෙහෙයවන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් බව පෙන්වා දුන්නේය.

මේ ආකාරයෙන් සාක්ෂිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගියහොත් පොලීසියට නඩු ඔප්පු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වර්තමානයේ පොලීසිය විසින් පවරන නඩු බොහොමයක් අසාර්ථක වන්නේ මේ නිසා බවත් පෙන්වා දුන්නේය.

ඩොලර් මිලියනයක් දිනා ගන්න කැමතිද..කරන්න ඕනේ මොකක්ද දන්නවාද..

ඩොලර් මිලියනයක් දිනා ගන්න කැමතිද..කරන්න ඕනේ මොකක්ද දන්නවාද..

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතර දෙනකු ඇප මත මුදා හැරීමට නියෝග කළේය. සෙසු සැකකරුවන් හතර දෙනා තවදුරටත් නොවැම්බර් මස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි.