පොලිස් වැටලීමක දී සැකකරුවෙකුට වෙඩි තබයි...

Sri Lanka Police Shooting Sri Lanka Hospitals in Sri Lanka Drugs
By Parami Dissanayake Jul 05, 2024 06:22 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඊයේ (04) රාත්‍රියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රීරෝද රථයකින් අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයට ගොස් ඇත.

දුම්රියක් පීලි පනී...

දුම්රියක් පීලි පනී...

එහිදී, අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් ත්‍රීරෝද රථය අනතුරට ලක් කර පොලිස් අණ නොතකා මෝටර් රථයකින් පළාගිය පුද්ගලයෙකුට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔහු රෝහල්ගතවීමට යෑමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

පොලිසියට නෙදර්ලන්තයෙන් ගෙනා නව සුනඛයින්...

පොලිසියට නෙදර්ලන්තයෙන් ගෙනා නව සුනඛයින්...

පොලීසිය පැවසුවේ එහිදී මත්ද්‍රව්‍ය රැගෙන මෝටර් රථයක පැමිණි බවට තොරතුරක් ලැබුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථය හප්පා එම ස්ථානයෙන් පළායෑමට උත්සාහ කර තිබූ බවය.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා තිබුණි.