මිලේච්ඡ ඝාතනයක් කරපු සැකකරුගේ නිවස 50දෙනෙක් ගොස් ගිනි තියලා
By Kaushi
පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මතුගම පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙසේ ඝාතනය කර ඇත්තේ ඊයේ (16) රාත්රී 11.40ට පමණ මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.
එසේම ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලීසිය විසින් සිදුකරන බව පවසයි.
මේ අතර ඝාතනය සිදුකළ බවට සැක 36 හැවිරිදි දොඩංගොඩ ප්රදේශයේ පදිංචිකරුගේ නිවසට අද (17) දින උදෑසන වනවිට 50 දෙනෙකු පමණ පැමිණ ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වේ.