කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් රහසක් එළියට

Report

රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනිඅවියක් ඇතුළු දේපොළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සන්තකයේ මෙරට සඟවා ඇති බවට හෙළි වී ඇත.

එබැවින් එහිදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් සොයාගෙන ඇත.

විවාහක වයස 24 ක් වූ ටික් ටොක් පෙම්වතිය ගෙන්වාගෙන සමූහ දුෂණය කරලා

විවාහක වයස 24 ක් වූ ටික් ටොක් පෙම්වතිය ගෙන්වාගෙන සමූහ දුෂණය කරලා

මෙම ගිනිඅවිය සහ පතොරොම් තොගය සොයාගෙන ඇත්තේ එ‍ඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කිරීමේදීයි.

එසේම මෙම මෙහෙයුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකා කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහාය ඇතිව සිදුකර ඇත.

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමති සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද වාර්තා වේ.

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී