ගම්පොළ කුණුවලින් වැහෙයි - දැඩි විරෝධයක් මැද නගරාධිපති පණ බේර ගෙන දුවයි

Report

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ ගම්පොළ නගරය පුරා ගොඩගැසී තිබූ ටොන් ගණනක අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී ඇතිවූ ගැටුමක් නිසා, වෙළෙඳසල් හිමියන්ගේ දැඩි විරෝධය මැද ගම්පොළ නගරාධිපතිවරයා එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් බැස දිව ගොස් ඇති පුවතක් වාර්තා වේ.

පැවති ගංවතුර හේතුවෙන් ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පිහිටි වෙළඳසැල්වල තිබූ වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විශාල ලෙස විනාශ වී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 35කට අධික බව සඳහන්.

මේ අතර විනාශ වූ සහල් ටොන් ගණන් වෙළඳසැල් ඉදිරියේ ගොඩගසා ඇත. එවැනි පසුබිමක ගම්පොළ නගරාධිපතිවරයාගේ උපදෙස් මත, එම ප්‍රදේශයේ කැළි කසල ඉවත් කිරීමට විශාල එක්ස්කැවේටර් යන්ත්‍රයක් ගෙනවිත් ඇත.

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?

මෙහිදී එම යන්ත්‍රය ක්‍රියාත්මක කර කසල ඉවත් කිරීමේදී වෙළඳසැල්වල වහලද කැඩීම නිසා වෙළඳසල් හිමියන් දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

මේ අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී නගරාධිපතිවරයාද එම එක්ස්කැවේටර් යන්ත්‍රය මතට නැග සේවකයින්ට උපදෙස් ලබා දෙන අයුරු වෙළඳසල් හිමිකරුවන් වීඩියෝ ගත කර ඇත.

කෙසේ වෙතත් තත්ත්වය උත්සන්න වීමත් සමඟ, වෙළඳසල් හිමියන්ගේ විරෝධය මැද නගරාධිපතිවරයා යන්ත්‍රයෙන් බැස දිව යන අයුරු දක්නට ලැබුණු බව සඳහන්.

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

ඒ අනුව විරෝධතාකරුවන් චෝදනා කළේ, නගරාධිපතිවරයා නොගැළපෙන වාහන ගෙනවිත්, පාරවල් කඩා විනාශ කර ඇති බවත්, එමෙන්ම තම ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බවටයි.

එසේම ඔවුන් පෙන්වා දුන්නේ මෙම යන්ත්‍ර මඟින් පාරේ වළවල් හෑරී ඇති බවත්, පාරේ තාර පවා ගැලවී ඇති බවත්ය.

කෙසේ වුවද ගම්පොළ නගරයේ කසල ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක අතර, එය ටොන් 100කින් ආරම්භ වී පසුව දිනකට ටොන් 69 දක්වා ඉවත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතියි.

එමෙන්ම මෙම කසල විශාල වශයෙන් කෙරවලපිටිය කසල කළමනාකරණ මධ්‍යස්ථානයට බැහැර කරන බව පවසයි.

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත