අඟුරුවාතොට ඝාතනයේ සැකකරු ඇල්ලූ මෙහෙයුම. - ස්ථානාධිපතිවරයාටත් පිහි පහරක්.

Sri Lanka Police Sri Lanka Crime
By Wayomi Jul 22, 2023 06:09 AM GMT
Wayomi

Wayomi

Report

අගුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු, ඝාතනය වූ කාන්තාවගේ සැමියාගේ ළඟම ඥාතියකු අතර ඔහු වරකාගොඩ සල්ගස් මාවත ප්‍රදේශයේ නිවසට පැමිණෙන බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

අනතුරු අද උදෑසන හදිසියේ එම ස්ථානය වැටලීමට අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එහි ගොස් ඇති අතර එහිදී නිවස තුළ අදාළ සැකකාර පුද්ගලයා හමු නොවූයෙන් පිටුපස කැලෑව හා ඒ අවට දැඩි ලෙස පරික්ෂා කිරීමේදී කෙසෙල් ගස් කිහිපයක ට මුවා වී මෙම සැකකරු සැඟ වී සිටිනු දැක ඇත.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර ඔහු සමග පොරබදා සැකකරු අත්අඩංගුවට ගැනුණා.

එම අවස්ථාවේදී සැකකරුගේ අතේ තිබූ තරමක් විශාල කතුරු තලයක් වැනි උල් ආයුධයකින් ස්ථානාධිපතිවරයාට කිහිප වරක් පහර පහරදීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වීම නිසා ඔහු විසින්ම තමන්ගේ පපුවට කිහිප වරක් ඇන ගෙගෙන තිබෙනවා.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර අගුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.    

ReeCha