ඇල්පිටිය වැටලීමකදී පොලිස් නිලධාරියෙකුට පහර දී සැකකරු පලා ගිහින්

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු ලෙස හඳුනාගෙන ඇති, අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කහදූව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී, පසුව පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (30) රාත්‍රියේ ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේදී ඔවුන් පොලිසියට පහරදීමට උත්සාහ කළ බවයි.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර, සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබේ.

ඔවුන් ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී, එම සැකකරු තියුණු ආයුධයකින් නිලධාරියෙකුට පහර දී ඇත. අනතුරුව පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුගේ අතට තුවාල සිදුව ඇති බව සඳහන් වේ.

තුවාල ලැබූ සැකකරුට මාංචු දමා අත්අඩංගුවට ගෙන තිබුණද, පසුව පැමිණි පිරිසක් ඔහු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සුරේෂ් සලේ උපවාසය අත්හරී

සුරේෂ් සලේ උපවාසය අත්හරී

පලාගිය සැකකරු මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරියා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අදාළ සැකකරු බරපතළ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පුද්ගලයෙකු වන අතර, ඔහු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.