ඉන්දුනීසියාවේ රජයේ නොමිලේ ආහාර වේල විෂ වී සිසුන් 500කට වැඩි පිරිසක් රෝහලට

Report

ඉන්දුනීසියානු රජය විසින් නොමිලේ ලබාදුන් ආහාර වේලක් අනුභව කිරීමෙන් පසු ඇති වූ බවට සැක කෙරෙන ආහාර විෂවීමක් හේතුවෙන් සිසුන් 500කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබේ.

නැගෙනහිර ජාවාහි සිඩෝආර්ජෝ ප්‍රදේශයේ පෞද්ගලික ආගමික පාසලක සිසුන් 512කට අධික පිරිසක් ඊයේ (01) ලබාදුන් දහවල් ආහාරය ගැනීමෙන් පසු ක්ලාන්තය සහ වමනය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රතිකාර ලබාගත් සිසුන්ගෙන් බහුතරයක් මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, සිසුන් 80කට ආසන්න පිරිසක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ආහාර පිළියෙල කළ මුළුතැන්ගෙය දින 30ක කාලයක් සඳහා තාවකාලිකව වසා දමා තිබේ.

ළමුන්ගේ මන්දපෝෂණය තුරන් කිරීමේ අරමුණින් ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ විසින් ආරම්භ කළ නොමිලේ ආහාර ලබාදීමේ වැඩසටහනට අදාළව මීට පෙරද ආහාර විෂවීම් සිදුවීම්, දූෂණ චෝදනා සහ අධික පිරිවැය සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ.

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ