සුරේෂ් සලේ උපවාසය අත්හරී

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා, නීතිඥ උපදෙස් මත එම උපවාසය නතර කිරීමට තීරණය කර තිබේ.

උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති අතර, මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා CID විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනතුරුව පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබිණි.

තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් CID අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙසත්, තමන් රඳවා සිටින ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් ඔහු පසුගියදා ආහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කළේය.

උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී ගිය අතර, පසුගිය ජුනි 27 වැනිදා හෘදයාබාධ තත්ත්වයකට මුහුණ දීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි