ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට දිනයක් ඉදිරියේදී - ජනප්‍රිය පාසලකට යාමට අවශ්‍ය ලකුණත් ඉදිරියේදී - විභාග කොමසාරිස් ජනරාල්

Report

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිපල පිළිබඳව සෑහීමකට පත් නොවූ දරුවන් වෙනුවෙන් නැවත සමීක්ෂණ (re correction) සදහා අයදුම් කිරීමට අවශ්‍ය දිනය ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව පවසා ඇත.

එමෙන්ම ඉහළින්ම සමත් වූ දරුවන්ව ජනප්‍රිය පාසලකට ඇතුළත් කීරීමට අදාළ ලකුණ පිලිබදව දැනුම්දීම අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවද විභාග කොමසාරිස් ජනරාල් විසින් නිවේදනය කළාය.

5 ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පියන්ට අති විශේෂ නිවේදනයක් - මෙවැනි ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ප්‍රචාරණයට දැඬි දඬුවම්

5 ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පියන්ට අති විශේෂ නිවේදනයක් - මෙවැනි ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ප්‍රචාරණයට දැඬි දඬුවම්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍යහමුවේදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණ 193ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම දෙමළ මාධ්‍ය වැඩිම ලකුණු 188, යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර මෙවර විභාගෙට විශේෂ අවස්ථා සහිත සිසු සිසුවියන් 1,018ක් පෙනී සිට ඇත.

නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්

නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්

ඉන් බේල් මාධ්‍යයෙන් දරුවන් 18 දෙනෙක් පෙනී සිටි අතර මෙවර කඩයිම් ලකුණු වන්නේ 139 වන අතර ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇත.

ඉකුත් අගෝස්තු 9වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියේය.

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ