රුපියල් කෝටි 20ක අයිස් සහ හෙරොයින් සමඟ'සේදවත්ත කසුන්ගේ' ගෝලයෙකු මාට්ටු
රුපියල් කෝටි 20කට අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සමඟ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අද (02) අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.
ලැබුණු රහසිගත බුද්ධි තොරතුරකට අනුව වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු 'සේදවත්ත කසුන්' නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙකු සහ ජාලයේ මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.