සියල්ල බලා සිටි මොහොත මෙන්න - 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව අද (03) නියෝග කළේය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනු කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
එමෙන්ම, මෙම පෙත්සම්වලට අදාළව තවත් යම් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට තිබේ නම් ඒවා හෙට (04) දින පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල මෙහිදී නඩුවේ සියලු පාර්ශ්වකරුවන්ට වැඩිදුරටත් නියම කළේය.