හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.
Police spokesman
Sri Lanka
Drugs
By Hashini
කොහුවල, සරණංකර මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදු කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 40ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු වැල්ලවත්ත හා කොහුවල පොලිස් වසම්වල සොරකම් කිරීම්,අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ සැකකරු සන්තකයේ තිබී සොරා ගන්නා ලද බිත්ති විදුලි පංකාවක් හා විවිධ වර්ගයේ ඇඟ ගැලවුම් වර්ගද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කොහුවල පොලිසිය සිදු කරනු ලබනවා.
