මත්ද්‍රව්‍ය පෙති 359,000ක් සමඟ පුද්ගලයෙක් කොටු
මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ තොගයක් තුළ සඟවා මත්ද්‍රව්‍ය පෙති 359,000ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු කල්පිටියේ පදිංචි 23 හැවිරිදි අයෙකි.
පොලිස් ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය.
සැකකරු වවුනියාව ප්‍රදේශය හරහා මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පොලිසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු මත්පෙති බෙදාහැරීමට යොදාගත් කැබ් රථයද විසින් අත්අඩංගුවට ගත් බවයි.
තවද උතුරු පළාත තුළ මත්පෙති බෙදාහැරීමට සැකකරු පැමිණ ඇති බව පොලිසිය සඳහන් කරයි
වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.