මම මේ හැමදේම කරේ යුරෝප් රටකට පැනගන්න ආසාවෙන් සෙව්වන්දි ඔක්කොම හෙළි කරයි

Report

කෙහෙල්බද්දර පද්මේ විසින් යුරෝපීය රටකට යැවීමේ පොරොන්දුව මත පාතාල නායක ගණේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සැලැස්මේ පසුබිම තුළ ඉෂාරා සෙව්වන්දි ක්‍රියා කළ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

සංජීව ඝාතනය සඳහා ඉෂාරාට කිසිදු මුදලක් නොලැබුණු බවත් ඉෂාරාගේ එකම සිහිනය යුරෝපීය රටකට යාම බවත් වාර්තා වේ.

අතේ සල්ලි නැතුව කරාබු දෙක උකස් කරා සර් දුප්පත් කුඩු ගහන සොල්දාදුවෝ අපි අල්ලගන්නවා - සෙව්වන්දි වමාරයි

අතේ සල්ලි නැතුව කරාබු දෙක උකස් කරා සර් දුප්පත් කුඩු ගහන සොල්දාදුවෝ අපි අල්ලගන්නවා - සෙව්වන්දි වමාරයි

කෙහෙල්බද්දර පද්මේ විසින් ඉෂාරා සෙව්වන්දිට දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා ජේ.කේ. භායි නම් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 65 ක් ලබා දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඉෂාරා යුරෝපයට යැවීමට සැලසුම් කර ඇති බවත් අනාවරණය වී තිබේ.

ඝාතනය සඳහා පද්මේගෙන් තමාට කිසිදු මුදලක් නොලැබුණු බවත් ඇය නේපාලයේ රැඳී සිටියදී සෑම මසකම ඔහු මුදල් එවූ බවත් ඉෂාරා පැවසුවාය.

ඇයගේ සිහිනය සැබෑ කර දීමට පොරොන්දු වීමෙන් පසු, ගණේමුල්ල සංජීව ඝාතන සැලැස්ම සඳහා පද්මේ හට ඉෂාරා සෙව්වන්දිගේ සහය ලැබී ඇත.

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් 6 දෙනා දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීම මේ වනවිට සිදුවේ.