නිදන් හෑරූ තුන්දෙනෙක් පොලීසියට කොටු
නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකර තිබේ.
සැකකරුවන් අවුරුදු 20, 32 හා 51 යන වයස්වල පසුවන අතර ඔවුන් සියල්ලෝම නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
නිකවැරටිය පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.