කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කොටු
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබී කුෂ් කිලෝ 09 ග්‍රෑම් 555ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම වැටලීම සිදු කර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ වයස අවුරුදු 27ක් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.