නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය, හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි

Report

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය වශයෙන් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා වශයෙන් අද (12) දින රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද නේපාල මාධ්‍ය සඳහන් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ එරට Gen Z විරෝධතාකරුවන් සහ ජනාධිපතිවරයා සහ ප්‍රධාන හමුදා නිලධාරියා අතර ඇති වූ එකඟතාවකින් අනතුරුව බව ද පවසයි.

ලොවක් කම්පා කළ විරෝධතා මැද පෙරළුණු නේපාලයේ අගමැති පුටුවට 4 දෙනෙක් සටන් වඳී

ලොවක් කම්පා කළ විරෝධතා මැද පෙරළුණු නේපාලයේ අගමැති පුටුවට 4 දෙනෙක් සටන් වඳී

එසේම අන්තර්කාලීන අගමැතිවරිය වශයෙන් හිටපු අගවිනිසුරු සුෂිලා කර්කි පත්වීමත් සමග නේපාලයෙන් බිහිවූ පළමු කාන්තා අගමැතිවරිය වශයෙන් ද ඇය ඉතිහාසයට එක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇගේ මූලිකත්වයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් පත්වීමට නියමිතව ඇත.

එමෙන්ම පළමු රැස්වීම අද රාත්‍රියේම පැවැත්වෙනු ඇති බවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව මෙන්ම පළාත් පාර්ලිමේන්තු හතම විසුරුවා හැරීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

එබැවින් එළැඹෙන මැතිවරණය තෙක් එරට භාරකාර රජයේ ප්‍රධානියා වශයෙන් හිටපු අගවිනිසුරුවරිය කටයුතු කරනු ඇති බව සඳහන්.

විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි