දැන් ලැප් එකෙයි ෆෝන් එකෙයි බිරිඳ එක්ක කරපු පෞද්ගලික කතා සහ දුවගේ ෆොටෝ තියෙනවා.. සලේ පාස්වර්ඩ් නොදෙන හේතුව නීතීඥයා කියයි [VIDEO]

Report

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය යුද හමුදා සේවා කාලය අවසන් කර විශ්‍රාම ගන්නා විටදී, තමන් භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු සියලුම රාජකාරි භාණ්ඩ යුද හමුදාපතිවරයා වෙත නිසි පරිදි භාර දී ඇති බව ඔහුගේ නීතීඥ සංජීව වීරවික්‍රම මහතා සඳහන් කර ඇත.

ඒ අනුව නීතීඥවරයා අවධාරණය කරන්නේ මීට වසර තුනකට පෙර සුරේෂ් සලේ මහතා යුද හමුදාවෙන් ඉවත් වන විට, ඔහු භාවිතා කළ නිල ඇඳුම්, අත්සටහන් පොත්, නිල වාර්තා, ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවි සහ වාහන මෙන්ම සියලුම ඩිජිටල් උපකරණ හමුදාපතිවරයා වෙත භාර දී ඇති බවයි.

එබැවින් නීතීඥ වීරවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, යුද හමුදාපතිවරයා කැඳවා එම භාණ්ඩ නිසි පරිදි භාර දී තිබේද යන්න විමසා බැලිය හැකි බවයි.

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ඒ අනුව දැනට සිදු කෙරෙන කිසිදු විමර්ශනයකට අදාළ වන උපකරණයක් මේ වන විට සුරේෂ් සලේ මහතා සන්තකයේ නොමැති බව ඔහු සහතික කර සිටියි.

එමෙන්ම මේ වන විට සලේ මහතා සතුව ඇත්තේ 2024 වසරේදී මිලදී ගන්නා ලද HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ iPhone 12 වර්ගයේ ජංගම දුරකතනයක් පමණක් බවත්, ඒවා මෙම විමර්ශනවලට අදාළ කාල සීමාවෙන් පසු ලබාගත් ඒවා බවත් නීතීඥවරයා පවසයි.

තවද එම උපකරණවල පවතින්නේ සලේ මහතා සහ ඔහුගේ බිරිඳ අතර සිදුවූ පෞද්ගලික සන්නිවේදනයන් සහ දියණියගේ ඡායාරූප වැනි පෞද්ගලික දත්ත බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින් ඔහු මෙම පෞද්ගලික උපකරණවල මුරපද ලබා නොදීමට තීරණය කර ඇත්තේ පුද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂා කිරීමේ අයිතිය මත පදනම්ව බව නීතීඥවරයා කියයි.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

එසේම ඔහු පෙන්වා දෙන්නේ කිසිදු අපරාධයකට සම්බන්ධ බව තහවුරු නොකර පුද්ගලයෙකුගේ පෞද්ගලික දත්ත සහ පවුලේ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය අයිතියක් නොමැති බවයි.

එවැනි දත්ත ලබා ගැනීමට නම් මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර නිසි අවසරයක් ලබා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

තවද නීතීඥ වීරවික්‍රම මහතා අවධාරණය කළේ මුරපද නොමැතිව වුවද විමර්ශන සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඇති ආයතන පවතින නමුත්, තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට හානි වන කිසිදු තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදෙන බවයි.

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,