ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන නිකුත් කිරීමේදී QR කේතය යොදා ගැනීම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කළ විමසීමකදී එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා විසින් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවූ වේගයට සාපෙක්ෂව මිල අඩුවී නොමැති බව සඳහන් කළ බවයි.
එසේම ඔහු වැඩිදුරටත් ඉන්ධන මිලදී ගැනීම සඳහා තවදුරටත් බාධාවක් නොමැති බවද පැවසූ බව සඳහන්.
මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව 2025 වර්ෂය තුළ රුපියල් බිලියන 36.5ක ලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් හෙළි විය.