ඩුබායි හි සැගව සිටින 'හයිබ්‍රිඩ් සුරංගගේ ගෝලයෙක් මාට්ටු

Report

ඩුබායි හි සැගව සිටින 'හයිබ්‍රිඩ් සුරංග' නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගැනීමට සමත්ව  තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා රමේෂ් කුමාර නම් අතර, ඔහු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පෙර බන්ධනාගාරගතව සිටි අයෙකු වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද ඇප මුදා හැර සිටි අයෙකි.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

අත්අඩංගුවට ගැනීමේදී රමේෂ් කුමාර ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100.45ක් සොයාගෙන තිබේ. ඔහුගෙන් වැඩිදුර විමර්ශන රඳවාගැනීමේ නියෝග මත සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් යටතේ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතාගේ මෙහෙයුමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්