කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් අද (23) පැවැත්විණි.
මෙම සාකච්ඡාව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සහ ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සාකච්ඡාවේදී, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ එහි ඇති තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අවධාරණය කරන ඇත. එහිදී ආරක්‍ෂක ලේකම්වරයා ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවලදී ගුවන්තොටුපොළේ කාර්යභාරය සදහන් කරමින්, ඉහළම ආරක්ෂක විධිවිධාන පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.
එමෙන්ම, මගීන්, ගුවන් කාර්ය මණ්ඩල, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් සමඟ සම්බන්ධ අනෙකුත් සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදි.
සාකච්ඡාවේදී, ගුවන්තොටුපොළේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ කැපවීම අගය කරන ලද අතර, ඉහළම ආරක්ෂණ සහ ආරක්ෂක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ සම්බන්ධීකරණයේ වැදගත්කමද අවධාරණය විය.
නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම, ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ සිදුවිය හැකි තර්ජන සඳහා ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම පිළිබඳ අවධානයද මෙහිදී යොමු කරන ලදී. මෙම සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ සෙසු ඉහළ නිලධාරීන්, ගුවන්තොටු පොළේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහාඑම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.