මෙන්න රොටුඹ අමිලව රුසියාවේදී අල්ලලා - රුසියානු අධිකරණයේ නඩුව යනවලු
පොලීසිය වාර්තා කර ඇත්තේ, රුසියානු ආරක්ෂක අංශ භාරයේ සිටින පාතාලයේ අපරාධකරුවකු වන රොටුඹ අමිලට එරෙහිව රුසියානු අධිකරණයක මේ වන විට විභාග වන නඩුව අවසන් වන තුරු ඔහුව මෙරටට භාර නොදෙන බවයි.
මෙම පුද්ගලයා ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රුසියාවට ඇතුළු ව්‍ය අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයකට අනුව ඉකුත් මාර්තු මාසයේදීයි.
රොටුඹ අමිල නැමැති පාතාලයේ ප්‍රබලයා රුසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබු බවට ඒ් සම්බන්ධයෙන් නිල දැනුම්දීම් රුසියාව විසින් ජාත්‍යන්තර පොලිසිය මගින් මෙරටට ඉකුත් මාර්තු මාසයේදීම දැනුම්දී ඇති අතර පසුව එරට අධිකරණයේ නඩු විභාගයක් රුසියානු අධිකරණයේ සිදුවන්නේ එරට ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන අතර එම නඩුව නැවතත් ලබන මස විභාගයට ගැනීමට නියමිත වේ.
රොටුඹ අමිලව මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර සියලු තොරතුරු රුසියාවට යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.