වඩිවේල් සුරේෂ්, සියඹලාපිටිය, මහින්දානන්ද ඇතුළු දේශපාලකයින් නුවරඑළියේ අක්කර ගාණක් අයිති කරන්

Report

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට පදිංචිවීම සඳහා ඉඩම් කැබැල්ලක් සොයා ගත නොහැකි වූ වටපිටාවක පසුගිය වකවානුවේ සිටි දේශපාලකයින්වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෙඩිවේල් සුරේෂ්, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සිතාසිවම්, මෙන්ම ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වූ උපාලි ලියනගේ විසින් සිදුකර ඇති අක්කර සිය ගණනක ඉඩම් අත්පත් කරගැනීම් සම්බන්ධව වහාම විමර්ශනයක් අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි අද පාර්ලිමේන්තුවට කීවේය.

ඔහු කීවේ මේ මහා පරිමාණ ඉඩම් කොල්ලයන් නිල වශයෙන් වාර්තා වී නැති බවත් විමර්ශනයක් අවශ්‍ය වන්නේ මේ කොල්ලකෑම්වල ප්‍රමාණය හෙළි කරගැනීමට බවත්ය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

“විශේෂයෙන්ම අඹගමුව ප්‍රාදේශී ලේකම් බල ප්‍රදේශයට අදාලව වේවැල්තලාව කියන ප්‍රදේශයේ අක්කර 50කට අදාල ඉඩම් ප්‍රමාණයක් විඩිවේල් සුරේෂ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අත්පත් කරන් තියනවා. දැනටමත් එකේ වැඩ කටයුතු කරගෙන යනවා.”

“ඒත් එක්කම ඊට යාබද ඉඩමක් තියනවා වේවැල්තලාවේ. උපාලි ලියනගේ හිටපු ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා අක්කර 50ක ඉඩම් කෑල්ලක් වෙන් කරගෙන තියනවා. ඊට අමතරවෙ මම කියන්නම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අදාලව දේශපාලකයින් විසින් ඉඩම් අත්පත් කරගත්ත විදිහ.”

“එකක් කොත්මලේ නැගෙනහිර කොටසට අදාලව ප්‍රොටෝ කියන වත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් අක්කර 16ක් අත්පත් කරන් තියනවා. ඊට අමතරව තලවාකැලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සියඹලාපිටිය අක්කර 50කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරන් තියනවා. “

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

“මීට අමතරව නුවරඑළිය මාගස්තොට වත්තක මහින්දානන්ද අලුත්ගමගේ අක්කර 10 බැගින් කැබලි 03ක් වෙන් කරගෙන තිබෙනවා. හාවාඑළිය අශෝකාරම පන්සලට පිටිපස්සේ අක්කර 10ක්, ලවර්ස් ස්ලිප් දිය ඇල්ල ආසන්නයේ අක්කර 10ක් වෙන් කරන් තියනවා.”මම අහන්න කැමතියි මේ ලේඛනය ඇතුළත් ලේඛනය කොහෙද තිබෙන්නේ කියලා. මේ මහා පරිමාණ ඉඩම් මංකොල්ලය ගැන විමර්ශන ආරම්භ කරන්නෙ කවද්ද කියලා.”

මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියොජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ පාර්ලිමේන්තුවට පැවසුවේ දිස්ත්‍රික් ගණනාවකින් මෙවැනි සිදුවීම් ගැන කියැවුන ද මේ තොරතුරු නිල වශයෙන් වාර්තා වී නැති බවය. එබැවින්ම මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවය. 

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

ඔයාගේ මූණ උදේට දැක්කත් අපි බය වෙනවා ඒ නිසා හොල්මනක් වෙන්න එපා චාමරගෙ මූණ ගැන කියන ඇමති හර්ෂණ

ඔයාගේ මූණ උදේට දැක්කත් අපි බය වෙනවා ඒ නිසා හොල්මනක් වෙන්න එපා චාමරගෙ මූණ ගැන කියන ඇමති හර්ෂණ