සුප්‍රීම් සැට් එකෙන් සැර නිවේදනයක්, පටු දේශපාලනය වෙනුවෙන් නිකන් බොරු ගොතන්න එපා
අවුරුදු 13ක් පුරාවට රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූවේ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම ප්‍රකාශ කර ඇත.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා විසින් නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්රයට දායකත්වය දක්වමින් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්රයේ කොටස්කරුවෙකු වශයෙන් ඉදිරියටත් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එසේම එහි තවදුරටත් දක්වා ඇත්තේ නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් තම දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ පිළිබඳව තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවයි.
ඒ සම්පූර්ණ නිවේදනය පහතින්.