රටම බලන් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් රහසිගත නිගමනය
රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විරුද්ධව ගොනු කර ඇති පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවට නිවේදනය කර තිබෙනවා.
ඉකුත් 20 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් තුනක පිටපත් තමා වෙත ලැබී ඇති බවයි.
ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.