ප්‍රවීණ රංගන ශිල්පියෙක් ජීවන රඟමඬලට සමුදෙයි.(PHOTOS)
Cinema Lead
Sri Lanka
Death
Artist
By Aruna
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය නිරූපණය කළ ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්ය ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 52 හැවිරිදි වියේ පසුවුණා.
මීරිගම බැද්දේගෙදර කිතලවලාන ප්‍රදේශයේ පදිංචි ඒ මහතා තිදරු පියෙක් වනවා.
මනමේ කුමාරයා ලෙස කාගෙත් හැඳින්වීමට ලක්වු ඔහු සිංහබාහු, නරිබෑනා, අසිනි වැස්ස, රූකඩ රාජ්ජේ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වු රංගන ශිල්පියෙක්.
කුරුණෑගල පැවති රූකඩ රාජ්ජේ නර්තනයක යෙදෙමින් සිටිය දී දින කිහිපයකට පෙර ඔහු හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටිය දී එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දේහය මේ වනවිට කිතලවලාන බැද්දේගෙදර නිවසේ තැන්පත් කර ඇත.
![Gallery](https://cdn.ibcstack.com/article/3da07464-f815-4d54-9e6c-41e4fbfa0b30/23-6493f1b34cabc.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/19de5a6c-1c3a-40cf-ba14-8216f80f6a03/23-6493f1b3a0c0b.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/3d1c43fb-a770-494e-954b-1ef22d178ad4/23-6493f2c4d09a4.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d38a006d-527f-4f45-8f8c-9de61c9400a8/23-6493f2c54e0d7.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/6ba4c71c-2d4e-474b-89b3-01079ad1d405/23-6493f2c59e9bd.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)