අනුරපුරයම හඬවමින් ප්‍රධාන පාසලක සිසුවෙකු නොඑන ගමන් යයි..වීඩියෝ ගේම් නිසා සිදු වු මහා විනාශයක්.

Accident Suicide Anuradhapura School children
By Aruna Feb 13, 2022 04:59 AM GMT
Aruna

Aruna

Report

අනුරපුරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 12 ක පාසල් සිසුවෙකු තම නිවසේ ගෙල වැලලාගත් ඛේදජනක සිද්ධියක් අනුරාධපුරයෙන් අසන්නට ලැබෙනවා.

අනුහස් සෙනවිරත්න නම් මෙම සිසුවා තම මවගේ චිත්ත රෙද්දක් ආධාරයෙන් තම නිවසේ ගෙල වැලලාගෙන මිය ගෙස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහුගේ ලොකු අම්මා පවසන්නේ, මෙම සිසුවා අධික ලෙස විඩියෝ ගේම් වලට ඇබ්බැහි වි සිටි බවයි .

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, එය මෙරට තුල තහනම් වු වීඩියෝ ක්‍රිඩාවක් බවයි .

තවද දෙමාපියන් විශ්වාස කරන්නේ,ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද දස්කම් දක්වන මෙම සිසුවා වීඩියෝ ගේම් වලට අධික ලෙස ඇබ්බැහි වී සිටීම නිසා ඔහුගේ ජිවිතයට මෙලෙම නොසිතූ ලෙස මරුවා කැන්දන් එන්නට ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now