සුඩානයේ අගනුවරින් හදිසි වෙඩි තැබීම් සහ පිපිරීම්
සුඩානයේ කුප්‍රකට පැරා මිලිටරි හමුදාවක් (අතුරු හමුදා) සහ එරට හමුදාව අතර දින ගණනාවක් පැවති නොසන්සුන් ක්‍රියාවලින් පසු සුඩානයේ අගනුවර වන කාර්ටූම් හි වෙඩි හඬ සහ පිපිරීම් සිදුව තිබෙනවා.
මෙම ආරවුල කේන්ද්‍රගත වී තිබෙන්නේ සිවිල් පාලනය නීතිය වෙනස් කිරීමට යෝජිත වී ඇති මත වටායි. නගර මධ්‍යයේ පිහිටි හමුදා මූලස්ථානය ආසන්නයෙන් වෙඩි හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ගුවන්තොටුපළ සහ ජනාධිපති මන්දිරයේ පාලනය තමන් අතට ගත් බව මෙම අතුරු හමුදාව සඳහන් කර ඇති අතර මෙම හිමිකම් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.
කාර්ටූම් හි දකුණේ ඔවුන්ගේ එක් කඳවුරකට ප්‍රහාරයක් එල්ල වූ බවයි මීට පෙර පැරාමිලිටරි හමුදාව (අතුරු හමුදාව) කියා සිටියේ. RSF සටන්කාමීන් හමුදා මූලස්ථානය අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටින බව හමුදාව පවසා තිබෙනවා. RSF සටන්කාමීන් කාර්ටූම්හි සහ සුඩානය අවට වෙනත් තැන්වල හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි හමුදා ප්‍රකාශක බ්‍රිග් ජෙනරල් නබිල් අබ්දල්ලා පවසන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සුඩානයේ අගනුවර තුළ අතර මේ වන විටත් ගැටුම් සිදුවෙමින් පවතින අතර රට ආරක්ෂා කිරීමට හමුදාව සිය රාජකාරිය ඉටු කරමින් සිටින බවයි.