ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන් - මැතිවරණ කොමිසම

Report

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවය.

පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම අර්බුදයට ලක්ව තිබෙන්නේ පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් නම් කිරීම ප්‍රමාද වීම හේතුවෙනි.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විටත් බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ නියෝජිතයින්ගේ නම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී නොමැති බවය.

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ලැබී ඇති නම් ලැයිස්තු රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබුණ ද එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සදහා සියලු පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ඇතුළත් කිරීම සිදුකළ යුතු බවයි.

අවස්ථා ගණනාවක දී සියලු දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට පළාත්පාලන ආයතනවලට තේරීපත්වූ නියෝජිතයින්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීම් කළ ද මෙතෙක් එම තොරතුරු ලබාදීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා.

මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සභා වාරයන් ආරම්භ කිරීමේ කටයුතු වලට ද ගැටලු මතුව ඇති බවයි මැතිවරණ කොමිශන් සභාව පෙන්වා දෙනවා.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මේ අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ පළාත් පාලන ආයතනවල සභාවාරයන් නිසි පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලු නිළධාරීන් මේ වන විට දැනුවත් කර ඇති බවයි.

පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතරය බලය ලබාගත් පළාත් පාලන ආයතනවල කටයුතු පළමුව ආරම්භ කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බවය.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී