ඔබේ දරුවා ගැනත් මේදින වල දැඩි අවධානයෙන් සිටින්න..නැතිනම් සිදු වන දේ මෙන්න..
පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසනවා.
නිවෙස්වලින් පලාගොස් සිටින මෙම සිසුන් තිදෙනා අවුරුදු 14 – 15 යන වයස්වල පසුවන අතර වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබති. ඔවුන්ගේ මවුපියන් කම්කරුවන් ලෙස සේවය කරන අය බවද වාර්තා වෙයි.
ආර්ථීක අපහසුතාවලින් පෙළෙන නිසා රැකියාවක් සොයා යෑමට අවශ්‍ය බව එක් සිසුවකු නිවෙසින් පලා යෑමට දින කිහිපයකට කලින් ඔහුගේ කිරි අම්මා සමග පවසා ඇතැයි පොලිසිය කියා සිටී.
අනෙක් සිසුන් දෙදෙනා නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ, සංගීත සංදර්ශනයක් නැරඹීමට යන බව කියමින් යැයි පොලීසිය සඳහන් කරයි.
රැකියාවක් සොයා යන බව පැවසූ බව කියන සිසුවා, මිතුරු සිසුන් දෙදෙනාද ඔවුන්ගේ නිවෙස්වලින් පිටමං කරගෙන ගොස් ඇති බවද පොලිසිය කියා සිටී.
එම බාල වයස්කාර සිසුන් දෙදෙනාද රැකියා සොයාගෙන යන්නට ඇති බවට පොලීසිය වැඩිදුරටත් සැක කරයි.
මෙම පාසල් සිසුන් තිදෙනා ඉකුත් 14 වැනිදා නිවෙස්වලින් පලාගොස් ඇති අතර, ඔවුන් ගැන තවම කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය කියා සිටී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |