වෛද්‍ය සිසුවියක් අපයෝජනය කළ පාසල් සිසුවෙක් පොලිස් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 12, 2023 07:09 AM GMT
krishani

krishani

Report

පාසල් සිසුවෙක් විසින් වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පුවතක් ජා-ඇළ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසි දෙහැවිරිදි ජා-ඇළ නිවන්දම ප්‍රදේශයේ පදිංචි තරුණියක් ය.

ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා දාහත් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වේ.

විමර්ශනවල දී හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවයි.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha