පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය පාරට බසී..! (PHOTOS)
පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ දින (06) හර්තාල් ව්‍යාපාරයට සමගාමී ව විරෝධතාවක් පවත්වනු ලැබුවා. ඒ මහනුවර නගර මධ්‍යයේ දී යි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට මහනුවර දක්වා පා ගමනින් මෙම විරෝධතාව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විසින් පවත්වනු ලැබූ බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතාව සඳහා මහනුවර ප්‍රදේශවාසීන්ගේ සහාය මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය මෙන්ම අනධ්‍යයන සේවක මණ්ඩලයේ සහ වෘත්තීය සමිතිවල සහාය නොමද ව හිමි වුණා.
වත්මන් රජය විසින් හොරා කෑ ජන මුදල් වහාම ජනසතු කරන ලෙසත්, දූෂිත දේශපාලකයින් වහාම පාර්ලිමේන්තුවෙන් නික්ම ගෙදරා යා යුතු බවටත් පවසමිනුයි විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් මෙම විරෝධතාව පැවැත්වූයේ.
74 වසරක සිට මෙරට ආර්ථිකය බංකොලොත් කරමින් රට විනාශය කරා ඇද දැමූ සමස්ත පාලකයින්ට එරෙහිව සටන් පාඨ කියමින් මෙම විරෝධතාව පැවැත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |





